Font size:
රොන් පොදක් වෙන්නම් හිනැහෙන මල් මිටක් මැද්දේ රන් පතක් වෙන්නම් දිදුලන විල් තෙරක් මැද්දේ නිම්නයක් වෙන්නම් සුව දෙන කඳු පෙළක් මැද්දේ පෙම්වතෙක් වෙන්නම් සනසන නිල් දෙනෙත් මැද්දේ // කන් කළුයි ඔබෙ සිනා සිත් පිනයි ඔබෙ කතා මේ නිමාව දුන්නේ කාගේ කවුරුදෝ නෙත් වශී කරයි ඔයා පෙම් ලොවක් මවයි මනා සත්තකින්ම දෙව් දුවක්ද සැංගෙනා රොන් පොදක් වෙන්නම්.../ සාගරේ කළඹා මුතු ඇට මාලයක් තනනා පාවෙලා යමිනා තරුකැට පේළියක් ගෙනෙනා සැනසෙනා ලෙසිනා සඳ මත මල් උයන් මවනා යම් දිනක් මැවෙනා ඔබ මට ආදරෙයි කියනා රොන් පොදක් වෙන්නම්... //
Singers
Data
Last updated May 2026