Home/Songs/මවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ

මවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ

Mawai Piyai Ekathu Wela

Font size:
මවයි පියයි එකතු වෙලා ගහයි වැලයි සේ
මල් වැවිවා ලොව මැවිවා ඉරයි හඳයි සේ....//

හඳපානේ ඉකිබිඳ බිඳ
නිදිවැරැවා දරැ නොදනී 
හිරැ පානේ දුක් විඳ විඳ 
බත සෙවිවා දරැ නොදනී
මවයි පියයි ඉරයි හඳයි සේ..//

මවයි පියයි....

මවි සෙනෙහස අහස වැනීය
දන් දුන්නා දරැ නොදනී
පිය සෙනෙහස සයුර වැනිය
දන්  දුන්නා  දරැ නොදනී
මවයි පියයි ඉරයි හඳයි සේ..//

මවයි  පියයි..
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.