Font size:
බිළිඳා නැළවේ උකුළේ - හිනහේ මල සේ කැකුළේ මවගේ සෙනෙහේ පැතිරේ - රුධිරේ කිරි ලේ ඉතිරේ දෝත නගා මොළවා - සුර ලාළනියො එනවා ගීත අසා මවගේ - නොදැනී නොහැගී දුටුවේ තාල ගසා නටනා - බිළිඳා මතුවේ මිනිසා ලෝ දහමේ නගිනා - බසිනා දුක සැප අතරේ වසනා සෑම දෙනා කැඳවා - පොදු ආදරයෙන් රඟනා මුහුණ බලා හැමගේ - නොදොඩා නොහඬා හිනැහේ ජීවිතයේ සිහිනේ - සැනසීම තිබේ මුහුණේ මෑණි පියා දෙදනා වසනා නිවසේ පහනයි බිළිඳා
Singers
Data
Last updated May 2026