ආදරෙයි කියා මගේ දෑසට
Adarei Kiya Mage Dasata
Music: මල්කා මල්වාර Lyrics: ආරධනා ඒකනායක
Font size:
ආදරෙයි කියා මගේ දෑසට කඳුළු දුන්නට ආදරේ නිසා කවදාවත් තරහා නෑ මම කීව කතා නෑ අමතක ගියත් දුරකට හැමදාමත් ආදරේ කරන්නේ ඔබට... හැම මොහොතේම ඔබ සිහි වී හිත රිදුණාට ඒ හිත ළඟ තනි රකින්නේ ඔබගේ මතක තනියට මගේ ළඟ රැඳිලා අද නැතුවාට හැමදාමත් ආදරේ කරන්නේ ඔබට... ආදරෙයි කියා මගේ... ආදරයෙන් මට ළං වී ආව ඔයාම ආදරයේ දුක දීලා ගියානේ ඈත ළඟ තැනිවට හිමි නැතුවට ඔයාගේ සුවඳ හැමදාමත් ආදරේ කරන්නේ ඔබට... ආදරෙයි කියා මගේ...