Font size:
හදිස්සියේ උකස් කල මගේ පරිස්සම් කෙරූ ආදරේ දිනෙන් දින පොලීවී ඉබේ සින්න වී ගියොත් පාඩු වේ දරන්නට බැරුව දුක හිතේ මෙතෙක් කාලයක් ජීවිතේ ගොඩනැගුනු සෑමදේ මගේ කඩාගෙන වැටෙයි එක වේලේ...... සත්තයි රත්තරනේ මට මේආත්මයේ ඇතිවෙන්නත් නැතිවෙන්නත් හිටියේමට ඔබ විතරයිනේ......// සෑම හමුවීමකම කෙලවර වෙන්වීම කියලා පුරූදු කෙරුවට ඔබටබෙහෙවින් පින්සිද්ද වේවා මගෙ සන්තකයේ මට තිබෙනා සම්පත නැතිඋනපසුව තව නෑකිසිවක් මගෙ අතරේ නැතිවෙන්නදෙයක් වටින සත්තයි රත්තරනේ මට මේආත්මයේ ඇතිවෙන්නත් නැතිවෙන්නත් හිටියේමට ඔබ විතරයිනේ.........// ඈතහිටියත් මුසාඅහලා ලෝකයා කියනා වචනෙකින්වත් ඔබටනෑ මං හානියක් කරලා අමතක කරගන්නට හැමදා වෙර දැරුවත් කොච්චර මතකෙට එනවා ඔබෙ සිනහා හැමතිස්සෙම වස්තුව.......... සත්තයි රත්තරනේ මට මේආත්මයේ ඇතිවෙන්නත් නැතිවෙන්නත් හිටියේමට නුබ විතරයිනේ............//
Singers
Data
Last updated May 2026