Home/Songs/කැන්දන් යන්නම් රන් මල් මාලා

කැන්දන් යන්නම් රන් මල් මාලා

Kandan Yannam Ran Mal Mala

Font size:
කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා 
පායනා තරුවේ//
තරු පළඳා මුතු පළඳා 
තරු මුතු වැල් පළඳා 
කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා 
පායනා තරුවේ

ටිකිරි කාලයේදී ගැයූ ඒ වැව් තෙරේ ආයේ 
පුංචි ඔරුවේ පාවෙලා යමු නෙලුම් විල් යායේ 
සඳ නැගිලා මල් පිපිලා 
වැව් තෙරේ ආයේ...

කැන්දන් යන්නම්...

සෙනෙහේ පායේ මාළිගාවේ මුතු සිනහා රාවේ 
සොයා සිහිනෙන් පාවෙලා ඈත කඳු යායේ 
හිමි වේවා කවදා හෝ 
මුතු සිනහා රාවේ

කැන්දන් යන්නම්...

 
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.