Home/Songs/දහස් ගණන් හීන බලලා - කෝටිපතියෝ

දහස් ගණන් හීන බලලා - කෝටිපතියෝ

Dahas Ganan Heena Balala - Kotipathiyo

Music: දිනේෂ් දිසානායක Lyrics: සද්ධා මංගල සුරියබණ්ඩාර
Font size:
දහස් ගණන් හීන බලලා ලක්ෂ ගණන් පෙරුම් පුරලා
කෝටි ගණන් හම්බ කරලා හිටියද රජ වී
ගත සැපතින් වෙහෙස වෙලා 
හිත සතුටින් වියරු වෙලා වියරු වෙලා 
සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව
කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ......

රුපියල් සුවඳට මත් වී සුරදූතියෝ ළං වුණාට
පාට කරපු දෙතොල් වලින් ආදර බස් තෙපලුවාට
වස විතරයි ආදරේ නෑ හදවත් ඇතුලේ
සීතල කළ කාමර වල ජීවිත උණුසුමක් නැතිව
කෝටිපතියෝ දුක් විඳිනවා කාමර ඇතුලේ......

නෝට්ටු කොළ වල දැවටී ඕ සද්දෙට ළං වුණාම

බෙහෙත විදි නොකා නොබී පෝසත්කම විඳෙව්වාට 
හම්බ කරපු සතුටක් නෑ සේප්පු ඇතුලේ සේප්පු ඇතුලේ.....

දහස් ගණන්.......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.