Home/Songs/රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ

රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ

Raththran Duwe Ape Raththaran Duwe

Oba Nathi Me Rayata Music: රෝහණ වීරසිංහ Lyrics: කාලෝ ෆොන්සේකා
Font size:
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කළේ 
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
සංතෝෂයක් නෑ සිතේ...//

ඉගිළිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්න නේ
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ....//

නැවත එන්න පියඹලා දුවේ//
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ
හනික එන්න පියඹලා දුවේ 
ඇවිත් යන්න එන්න සුදු දුවේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.