ඇස් ආදරෙන් පුරෝනා
As Adaren Purona
Music: සදීප්ත ගුණවර්ධන Lyrics: කුෂාන් මනින්ද්‍ර
Font size:
ඇස් ආදරෙන් පුරෝනා හිත පාළුවෙන් ගලෝනා ඔබ මගෙම වෙන්න ඕනා මැයැදෙන්න දෙන්න උණුහුමේ ඔබේ මා හදවතින්ම උමතු වී තියේ ඔබ සිහිවන හැම මොහොතක් ගානේ දැකගන්නට ඔබ මා ළඟ නෑනේ නුදුරේදීම කරගන්නට මාගේ අවසර දෙන්නට පමණයි ඕනේ ඉඩ දෙන්නම් පපුතුරේ නැලවෙනු මැන සොඳුරියේ මට ඔබම තමයි ඕනා ඇස් ආදරෙන් .... රැකගන්නම් ජීවිතයම වාගේ එක සැරයක් හද ගත්තානම් මාගේ සැනසෙන්නට හැමදාමත් ආයේ එනවද හිමිකම ගන්නට මගෙ හීනේ නොසිදෙන මහ සාගරේ තරමට මගෙ ආදරේ මට ඔබම තමයි ඕනා ඇස් ආදරෙන් ....
Singers
Data
Last updated May 2026