Home/Songs/ප්‍රතිරාවේ

ප්‍රතිරාවේ

Prathirawe

Music: අර්ජුණ රූකාන්ත Lyrics: සශික නිරංජන්
Font size:
පිබිදේදෝ මල් යායේ සිත් අහසේ
තනිවේදෝ ඇය හඬනා තුරු දැහැනේ
පිනි ඉසනා හද ගැස්මේ මවා ප්‍රතිරාවේ
ගිලිහී ගියා බොඳව ගියා...

ඇඳි සිතුවම් හද රැඳි මාළිගේ
බොල් අහසේම පාවී ගිය හසරැල්ලේ
කඳුලැල්ලේ ඔබේ රැලි අතරේම සුනු වී බිඳේ...

තරු අතරේ ඝනදුරු මාවතේ 
සඳ නොපෙනීම නොමැකී ගියේ
අඩ අඳුරේ හසරැල්ලේ ඔබේ
උඩු හුළඟේම උඩු හුළඟේම  
මුසු වී යාසේ...

පිබිදේදෝ මල් යායේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.