Font size:
මේ මුළු අහස මා සතුයි මේ මහ පොළව මට නතුයි (ඔබ මා අසල හිඳී නම්...//) ගහ කොළ ද විලද ඇළ ද දොළ බිඟු කැලද විහඟ සමනළ මේ සියළු දෙය මගෙයි (ඔබ මා අසල හිඳී නම්...//) සඳ සිනා සිසී පායා එන්නේ තරු නිවී නිවී යළි දිදුළන්නේ මල් පිපී සැලෙන්නේ ඉන් සුවඳ හමන්නේ ඔබ මා වෙත පැමිණ වගතුග රහසේ දැනගෙනද කියා නොදනිමි සුහදේ..... මේ මුළු අහස ..... දොළ රිදී සිනා නැග බැස යන්නේ රළ හඩා වැටී වෙරළට එන්නේ මද පවන හමන්නේ තුරු වදුලු සිඹින්නේ ඔබ සසර පුරුදු ලෙස විත් රහසේ මා අසල රැදුණු පසුවයි සුහදේ.... මේ මුළු අහස......
Singers
Data
Last updated May 2026