Font size:
මට මා හමුවුණා මාද මට හමුවුණා ඝන නිල් වනන්තරේ කාත් කවුරුවත් නැති එක නිමේෂයේ මට මා හමුවුණා මට හමුවුනා මොහොතක් යෙදුනා අප දෙදෙනා පිළසඳරේ භවයක් සේ හැඟුණා අරුමය ඒ ඇසුරේ සිතු සම්පත් සෑදුණි ද දැසිදස්සන් ලැබුණි ද අසුවිට මගෙන් මා ප්‍රමුදිත දෑසින් මට පිළිතුරු ලැබුණා මට මා හමුවුණා ........ සමුගෙන යන්නට සැරසෙද්දී මාගෙන් මා ඇසුයෙමි පැනයක් හිනැහෙද්දී සිත විදහා ලද හැමදෙය අවසන සතුටින් ඔබ සිටිනෙද ඇසුවිට මුණිවත පා කිසිවක් නොකියා මාගෙන් මා මැකුණා //
Singers
Data
Last updated May 2026