Font size:
මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ නාඩා නිදා ගන්න නංගී මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේ නාඩා නිදා ගන්න දෝණි දිව රෑ මුළුල්ලේ තුරුලේම උන්නත් මදිවී දො මාගේ සෙනෙහේ හද ගින්න උහුලන්න බෑනේ කවදාද ඔබ එන්නෙ අම්මේ තනිවූ වලාවක් පාවීය අහසේ අසමින් තෙපුල් මව් සෙනෙහේ දුටුවා ඔබේ රූ බොඳ හීන අතරින් සැනසූ විඩාවූ නිමේශේ සඳ ගිලුනු යාමේ මේ අඳුරු කුටියේ දැල්වූ පහන් ඔබේ සෙනෙහේ හද ගින්න උහුලන්න බෑනේ කවදාද ඔබ එන්නෙ අම්මේ දුක් කඳුළු සයුරේ උදුරැල්ල අතරින් පදවා රුවල් අහිමි නෞකා දිරි පවුරු බිඳෙනා සොයනා ඇසිල්ලේ සඳ ආයේ පායන්නේ කවදා වියලී දෙපාවන් තෙමනා දයාවෙන් වස්සන්න ඈ රුවට වර්ෂා (හද ගින්න උහුලන්න බෑනේ කවදාද ඔබ එන්නෙ අම්මේ)...//