Home/Songs/සෙනෙහස පුදා අම්මාවරුන් වගේ

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ

Senehasa Puda Ammawarun Wage

Music: එච් එම් ජයවර්ධන Lyrics: රඹුක්කන සිද්ධාර්ථ ථේර
Font size:
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහදිය හෙළා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනළ පැටව් වගේ…

අකණ්ඩියේ පොඩි කාලේ පොඩි කමට//
කළ වරදකට වත් තැලුවේ නැත අපට//
සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට
පියෙකුගෙ කදුළු මුතු කැට වුනි දරුකමට…

පියවරු සිටින දරුවන් හට තනි නැතුවා
තනි නැතුවා
මව්වරු සිටින දරුවන් හට තනි නැතුවා
තනි නැතුවා
මව් පියවරුන් ඉර හඳ මෙන් ළඟ හිඳුවා
දරුවන් පාන හසරැළි අපහට නැතුවා…

සෙනෙහස පුදා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.