හිනා වෙන්න බැරි තරමට
Hinawenna Beri Tharamata
Font size:
හිනා වෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට// නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා තැනූ මාලිගා කතා කියන තරු දෑසට... ලියාදෙන්න මදි අහසම// නුඹේ නමින් මගේ හදේ මැවෙනා ගීතිකා මැවෙනා ගීතිකා... දෙතොල නම් ගොලුයි, මුව කමල මල් සමයි හිතට නෙතට, සුවඳ ගෙන තියා නුඹ රහසින් ඇවිත් මගේ ලොවම හීනයක් කලා අහස නම් දුරයි, සඳ නේන වග සැබැයි සඳට රැයට තරු වලට හොරා... නුඹ නොකියා ගිහින්. මගේ පාලු දෙනෙත බොඳ කලා.. හිනා වෙන්න බැරි තරමට හඬා ගන්න බැරි තරමට කතා කියන තරු දෑසට ලියාදෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා මැවෙනා ගීතිකා...
Data
Last updated May 2026