Font size:
හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්) බටු මීයෙක් කටස් කටස්…// හොර පූසියි බටු මීයයි තරඟෙට දිවුවා පූසි වැටිලා කිරි හැළියක මීයා වැටිලා පැණි හැළියක අපට හරි හිනා...// හොර පූසෙක් (ම්යෑව් ම්යෑව්) බටු මීයෙක් කටස් කටස්…// පැණි බී මත්වුන මීයා පරාලේ උඩ වැනි වැනි උනි…// මට දැන් අහුවුනොත් ඒකා මං එළෙව්ව හොර පූසා කීතු කීතු වලට ඉරා වීසි කරනවයි කීවා…// ඒක ඇහිලා හොර පූසා කිරි හැළියෙන් ඉහ උස්සා…// බැලුවා විතරයි ඌ දැකලා වහළෙන් පහළට වැටිලා තඩි වංගෙඩියක හැපිලා…// මහ තඩි වංගෙඩි පතයක් කකුල ටිකක් උස්සාගෙන…// බටු මීයට හැංගෙන්නට තැනක් කියනවා හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා…// හොර පූසී කේන්තියෙන් ඌව හොයනවා////