Home/Songs/තණ නිල්ලේ කිතුගොස නංවාලා

තණ නිල්ලේ කිතුගොස නංවාලා

Thana Nille Kithugosa Nanwala

Font size:
තණ නිල්ලේ කිතුගොස නංවාලා 
ක්‍රිකට් ලොවේ ජය දද බැන්දු 
ආසිරි ගී මල් ඔබටයි විරුවනි 
උපන් බිමේ හොඳ නම රැන්දු...//

නියම වේග දඟ පන්දු යවලා 
ශක්තිය ලොවටම පෙන්වාලා 
අහස උඩට යන හයේ පහරවල් 
ගහන්න කෙළිබිම හොල්ලාලා 
උපන් හපන්කම් මවා එදා මෙනි 
එනු මැන ජය කොඩි නංවාලා...

තණ නිල්ලේ...

අපේ පුතුන් හෙළ විකුමන් පෙන්වා 
එදා ලැබූ ජය සුරැකේවා 
වාද භේදකම් දුරු වී හැමදා 
යාලු මිතුරුකම් වැඩි වේවා 
ලෝකේ පුරා අප දිනු උපන්බිම 
ශ්‍රී ලංකා නම රැව්දේවා...

තණ නිල්ලේ...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.