Font size:
(කැවුම් උයාගෙන නැකත් බලාගෙන අවුරුද්දට නෑගම් යනවා කඩමළු බැඳගෙන බුලත් හුරුළු ගෙන අවුරුද්දට නෑගම් යනවා......//) (දෑතට බංගලී වළලු දමාගෙන......//) ඉන වට කදිමට සේල නෙරා නෑනේ නරකද ගියාම නෑගම් මොකදැයි ඉන්නේ තරහා වෙලා....... (ඉස්සර හිට එන සිරිතට නොවෙදෝ......//) අළුත් හාලේ බත සාදන්නේ මස්සිනාලා දැන් මෙහි එනවායැ ඒකයි තරහාවෙන් ඉන්නේ....... කැවුම් උයාගෙන........ (තුන්සිය හැටපස් දවසක් ගෙවිලා.....//) අළුත් සඳක් නොවැ පායන්නේ අළුත් සඳක් පායනකොට නෑනෝ පැරණි වරද අමතක වන්නේ....... (බුදුන් සරණ ගොස් දෙවියන් වැඳලා......//) සිංහල සිරිතට එක්වීලා තරහා මරහා බොරු භේද ඉවතලා අවුරුද්දට නෑගම් යනවා....... කැවුම් උයාගෙන.......//
Singers
Data
Last updated May 2026