Home/Songs/සඳළුතලේ නිල්මිණි දල්වා

සඳළුතලේ නිල්මිණි දල්වා

Sandaluthale Nilmini Dalwa

Music: චතුරංග ඩිසිල්වා Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
(සඳළුතලේ නිල්මිණි දල්වා 
හද කළඹයි නාමල් පුබුදයි
ඔබ ඈතයි මා දිළිඳු නිසා
සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා)..//
යන්නට කැන්දා

අඳුරු වූ සිත මගෙ නොනිදි රැයේ
එලිය ඔබෙන් පතයි නගේ
විඩා බරවූ අඩවන් දෙනෙතේ
ඔබෙ රුව මැවුනේ සිත් සහනේ

සඳළුතලේ නිල්මිණි දල්වා.../
යන්නට කැන්දා

පුන්සඳ නැගුනේ මේ රැයේ 
ඔබ මා අසලයි මට දැනේ
ඔය නෙතු හා යාවෙන පැයේ
අවදි නොවෙන්නේ පෙම් හීනේ
අවදි නොවෙන්නේ පෙම් හීනේ

සඳළුතලේ නිල්මිණි දල්වා.../
යන්නට කැන්දා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.