Home/Songs/පින් පුරා

පින් පුරා

Pin Pura

Music: බිබිලියාදෙණිය මහානාම හිමි Lyrics: කුමාරදාස සපුතන්ත්‍රී
Font size:
පින් පුරා අපි බුදුන් දුටුවා 
සිත් පහන් වී අපි දහම් ඇසුවා 
නෙත් පුරා අපි මහ සඟුන් පිදුවා 
නිවන් දකින්නට අපි වරම් ලැබුවා

ලොව දකින්නට බුදු නෙතක් මිස වෙන නෙතක් නැතුවා 
ලොව නිවන්නට බුදු බසක් මිස වෙන බසක් නැතුවා 

ලොව රකින්නට බුදු සිතක් මිස වෙන සිතක් නැතුවා 
ලොව රඟන්නට බුදු බණක් මිස වෙන බණක් නැතුවා

උනුන් අසනා උපන් වෛරය දුරින් දුරු කල යුතු බැවින් 
අතින් අත ගෙන මිනිස් කම් දැක උතුම් නිවනට ලං වෙමින් 

මුවින් මුව රැඳි රුදු වදන් අද මැකී සෙත් පිරිතක් වෙමින්
වසීවා වැසි දෙරණ නහවා මිනිස් ගුණ උතුමාණනි

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.