Home/Songs/මන්දාරම් අඳුර මැදින් හිරි‍පොද වැහි වැ‍ටෙන ‍වෙ‍ලේ

මන්දාරම් අඳුර මැදින් හිරි‍පොද වැහි වැ‍ටෙන ‍වෙ‍ලේ

Mandaram Andura Madin Hiripoda Wahi Watena Wele

Music: රෝහණ වීරසිංහ Lyrics: ගයාමන් දිසානායක
Font size:
මන්දාරම් අඳුර මැදින්
හිරි‍පොද වැහි වැ‍ටෙන ‍වෙ‍ලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම් ඔබ සිටියා නම් //

තනියමවත් යන්නට මදි කු‍‍ඩේ යටින් ඔ‍බේ ළඟින් //
‍නො‍තෙමී ‍තෙමි ‍තෙමි සතුටින්
යන්නට තිබුනා යන්නට තිබුනා යන්නට තිබුනා 

මන්දාරම් අඳුර....

මඟ යන එන අයට ‍හො‍රෙන් ඔ‍‍බෙ දෑසට එබී බලා //
‍කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා බලන්න තිබුනා  බලන්න තිබුනා 

මන්දාරම් අඳුර....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.