හිත හදාගන්න බෑ
Hitha Hadaganna Ba
Music: කපිල් Lyrics: සජිත් චතුරංග
Font size:
හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා මා සදා හඩනවා - මාරුතේ දුක දරා හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ ආදරය වී - ජීවිතය දී - මාගෙ ලග උන්නු වේලේ කීව හැම දේ - තාම සිහිවේ - පාලුවුනු ලෝකෙ මාගේ හීන කදුලින් තෙමා - ඈත සැගවී ඔයා මාව අදුරේ හෙලා - දෑස ලඟ අද නෑ මාගේ මා සදා හඬනවා - මාරුතේ දුක දරා හීන වියැකී - දෑස නොපෙනී - කාටදෝ ඔබව හිමිවී මාව තනිවී - දෑස බොදවී - කාට පවසම්ද මේ දේ ජීවිතය පාවෙලා - ආදරය නෑ කියා මාව හැරදා සදා - ඈත යනවද මේ යාමේ මා සදා හඬනවා - මාරුතේ දුක දරා.... හිත හදාගන්න බෑ....
Singers
Data
Last updated May 2026