Home/Songs/දෙනුවන් පියා

දෙනුවන් පියා

Denuwan Piya

Music: භාතිය ජයකොඩි Lyrics: සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
Font size:
දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රෑයේ
නෑ සත්තමයි ඔබමයි මගේ ආදරේ
සයුරෙන් මෙහා සිටියත් සදා පාළුවේ...

බොඳ වෙන්නෙපා දැන් ඔබ ඇන්ද සිතුවම් හදේ
පන්හිඳට හුරුවී කවි ලිව්වා මා මුළු රැයේ
ඉකිබින්ද සුසුමන් ඔබ හින්දා වැලපෙයි මගේ ළයේ
එනකම් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා...

දෙනුවන් පියා කඳුලින් ලියූ ආදරේ
සිහිනෙන් වගේ ඇවිදින් ගියා මේ රෑයේ...

සඳ රේණු අතුරා ගිනිදැල්වූ අපේ යහන මේ
තුරුලේ හොවා මා අඳුරේ කියූ ආදරේ
මිණිමුතු එපා දැන් ඔය දෑස මගේ ජීවිතේ ප්‍රියේ 
එනකම් බලා ඉන්නෙමි මේ දෙනුවන් අයා...

දෙනුවන් පියා...
     
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.