Home/Songs/ගමේ කොපි කඩේ දෙන්නා දෙපැත්තේ

ගමේ කොපි කඩේ දෙන්නා දෙපැත්තේ

Game Kopi Kade Denna

Font size:
ගමේ කොපි කඩේ දෙන්නා දෙපැත්තේ - දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළි පත්තේ - රංචු ගැසෙන්නේ
ගමේ රටෙ අහේනියයි ළමයිනේ
ඔය පුරසාරම් වැඩකට නැ ළමයි නේ

අපේ කාලෙ අස්වැද්දූ - කුඹුරු ළියැදි පාලු වෙලා
තල කුරහන් අල දෙල් කොස් - හෙන් පිටින් පාලු වෙලා
අම්ම අප්ප මොක මොනවත් - කන්න බොන්න දුන් පලියට
ලැජ්ජ නැද්ද කාලෙ කන්න - ගැටවරයිනි කඩ පිල්වල

අත පය හත්තිය තියෙද්දි - කම්මැලිකම් මොකද බොලව්
මගෙ  පපුවත් පත්තු වෙනව - අර ඉපනැලි යාය බලව්
වයස ගියත් මගේ අත පය - බලාපල්ලා යකඩ වගේ
අපි වවලයි අපි කැවෙ - උත්තම රජ ගොල්ලො වගේ

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.