Home/Songs/සීනු හඬින්

සීනු හඬින්

Seenu Handin

Font size:
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා
(අහසට පොළව ගැටේ)...//

තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසිනු පෙනේ

තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතුමත මුතුමෙන් බබළනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
(සැම තැන රිදී වගේ)...//

දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොළවා

දින දින වැහිකළු බරවෙනවා
මහවැලි ගඟ දිය බොර වෙනවා
නත්තල කත් බැඳගෙන එනවා
(වැහිබර උඳුවපයේ)...//

අරලිය මල් වතුසුදු මල්
පිබිදී මල් අතු බර වෙනවා
මේ නත්තල් මාසේ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.