මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ
Malin Malata Igilunata
Font size:
මලින් මලට ඉගිළුනාට සමනලයින් නොවේ අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ // හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ කුසේ ගින්න සනහන්නයි අතුරේ පිය මනින්නේ මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ අපේ දුකට හඩන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ මලින් මලට... // අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ නැතිබැරි කමයි උඩු හුලඟේ ලණු දෙපොටින් වැනෙන්නේ සවුදිය පුරන මහ පොළවට අපි දහඩිය වඩන්නේ මලින් මලට... ///
Singers
Data
Last updated May 2026