Font size:
මංගල්ලේ මල් හසරැල්ලේ මිහිරෙන් මත් වී රැඟුම් පා ආසිරි ගී වැල් ගයාලා මා හා එක්වෙලා// ඇගේ සිහිනයයි ඔහුගේ ලෝකයයි එක්තැන් වීලා නව යුග දිවියට ආසිරි ගී...// ගම්මානේ හිම කඳු රැල්ලේ ඇද හැලෙනා නිල් දිය ඇල්ලේ රැව් දෙන්නේ මංගල ජය ගී නාදේ මනාල කුමරා මේ සුභ නැකතින් වඩිනා හෝරාවේ ඇගේ දෑසේ සිනා මංගල්ලේ...// රන් මාලින් ගෙල හැඩ වීලා සුදු සේලෙන් ගත සරසාලා පින්වන්තයි මනාල කුමරි හිනැහේ ඔබගේ දෑතින් ඇගේ මුදු සුරතේ රන් මුදු පැළඳු පැයේ දෙවිඳුන් ආසිරි ලබා මංගල්ලේ...//
Singers
Data
Last updated May 2026