Home/Songs/සමනල රෑනක් සේ

සමනල රෑනක් සේ

Samanala Ranak Se

Music: පැට්‍රික් දෙණිපිටිය Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
සමනල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ...//

පොපියුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙ‍රපෙයි නතර නොවී
ළා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලී...//

සමනල රෑනක් සේ...

දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනාපා
සීගිරි ළඳක් පිබිද ළංවේ
සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳවත ලෙසින් සොමි
මම දින දින‍ පතන්නෙමි...//

කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ
රිදී මල් සිනාපා
සීගිරි ළඳක් පිබිද ළංවේ...//



Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.