Font size:
පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ මා එපා වෙලා නම් වෙන පාරක යන්නම් නැතිනම් ගම් පළාත අතහැර යන්නම් නැතිනම් ගම් පළාත අතහැර යන්නම් // උදෑසනට සුබ පතනා... උදෑසනට සුබ පතනා නුඹෙ සිනහ මනාවයි යස ගමන් ලතාවයි මං නුඹට මනාපයි හංග හංග ඉන්නෙ නැතිව ඒ වග මං කිව්ව හන්ද නුඹ අමනාපයි නුඹ අමනාපයි පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ.. හැන්දෑවට කඩිමුඩියේ... හැන්දෑවට කඩිමුඩියේ නුඹ ගෙදර දුවඤ්ඤයි මං පෙරුම් පුරඤ්ඤයි මග බලා හිඳිඤ්ඤයි පන්න පන්න යන්නෙ නැතිව පාඩුවෙ මං උන්න හන්ද නුඹ දැන් කෝළයි නුඹ දැන් කෝළයි පාර මාරු වෙන්නෙ ඇයිද මා දුටුවම නංගියේ..
Singers
Data
Last updated May 2026