Home/Songs/පිපී පිපී රේණු නටන

පිපී පිපී රේණු නටන

Pipi Pipi Renu Natana

Font size:
පිපී පිපී...
පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා 
වරෙන් වරෙන්.. වරෙන් වරෙන් 
සුළන් පොදක් අපේ ඇඟේත් ගෑවිලා
කාගෙත් කාගෙත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා

පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා 
වරෙන් වරෙන් 
සුළන් පොදක් අපේ ඇඟේත් ගෑවිලා
කාගෙත් කාගෙත් පින් පල දීලා
කාටත් කාටත් දෙයියෝ දීලා
පුංචි පහේ ඉල්ලමකුත් පෑදිලා

(අසව් අසව් කොයි කාටත් රස පණිවිඩයක් කියා)...//
(රෑණ ගිරව් කුඹුරු උඩින් මල් මල් ගමනක් ගියා)...//
මල් මල් ගමනක් ගියා
මල් මල් ගමනක් ගියා

පිපී පිපී...පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන්.. වරෙන් වරෙන් 
සුළං පොදක් අපේ ඇඟේත් ගෑවිලා
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා

(අපේ ගමේ මල් පිපිලා මී මැස්සන් එක්වෙලා)...//
(වරකා ගහේ මී බැඳලා පැණි වරකා මෝරලා)...//
පැණි වරකා මෝරලා
පැණි වරකා මෝරලා

පිපී පිපී...පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන්.. වරෙන් වරෙන් 
සුළං පොදක් අපේ ඇඟේත් ගෑවිලා
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා

(කොහේ ගියත් වලාකුළක් නිල් අහසේ පාවෙලා)...//
(හෙමින් හෙමින් ලැගුම් ගනී කඳු මුදුනක දැවටිලා)...//
කඳු මුදුනක දැවටිලා
කඳු මුදුනක දැවටිලා

පිපී පිපී...පිපී පිපී රේණු නටන වනේ මලක හැප්පිලා
වරෙන් වරෙන්.. වරෙන් වරෙන් 
සුළං පොදක් අපේ ඇඟේත් ගෑවිලා
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා
අපටත් දවසක හඳ පායනවා
එදා අපිත් මල් පැණියෙන් නානවා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.