Font size:
මී වදයකි ජීවිතේ මී පැණි පිරිලා ඇතේ මත් වීලා ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි හිතුමතේ මලින් මලට පියඹමු තුඩින් තුඩට රොන් ගමු ලියන් තමා රස ඉතිරෙන මල් වැල් ඔවුන් සොයා ගෙන යමු... හිරු නාවදෙන් සඳ ගිලුනාදෙන් ඉන්න ටික කාලේදී රසට රසක් දී මිහිරට එක් වී අපි වෙමු මී මැසි පොදී මී මැස්සෝ ඔබයි මමයි මී මැසියෝ ලඳුන් තමයි මී මැස්සෝ (මී මැස්සෝ) ඔබයි මමයි (ඔබයි මමයි) මී මැසියෝ ළඳුන් තමයි මී වදයකි ජීවිතේ මී පැණි පිරිලා ඇතේ මත් වීලා ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි හිතුමතේ ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි සිරිබර විසිතුරු ලොවේ දකිනා දැකුම් සිත වසඟ කර යයි දෑසට දෙයි රස සුවේ සන්තෝසේ දුකයි සැපයි සාදා දෙන්නේ අපේ සිතයි සන්තෝසේ (සන්තෝසේ) දුකයි සැපයි (දුකයි සැපයි) සාදා දෙන්නේ අපේ සිතයි මී වදයකි ජීවිතේ මී පැණි පිරිලා ඇතේ මත් වීලා ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි හිතුමතේ මලින් මලට පියඹමු තුඩින් තුඩට රොන් ගමු ලියන් තමා රස ඉතිරෙන මල් වැල් ඔවුන් සොයා ගෙන යමු... ඔවුන් සොයා ගෙන යමු... ඔවුන් සොයා ගෙන යමු...