Home/Songs/ජීවිතය එක් ගඟුලකි

ජීවිතය එක් ගඟුලකි

Jiwithaya Ek Gagulaki

Font size:
ජීවිතය එක් ගඟුලකි
යළි හැරී නොගලනු හැකී
මතකයන් මද නල වගේ
ඒ ගඟ දිගේ ආපසු ඇදේ

දිය සමඟ ගෙන එනු බැරී
මග හැරුණු දෑ බෝ වෙතී
එම මතක පතුළෙහි රැඳී 
මිණි ලෙසින් සුරැකිව ඇතී

ගං දියට එක් වනු රිසී
තව ගගක් පේවී ඇතී
උඩු ග ‍ඟේ දෑලෙන් මිදී
මදනලේ නික්මෙමු අපී

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.