Home/Songs/අයිති නැති ඔයාගේ

අයිති නැති ඔයාගේ

Aithi Nathi Oyage

Lyrics: අකලංක ගුණරත්න
Font size:
අයිති නැති ඔයාගේ ආදරේ මා සොය සොයා
විහින් වරදවාලා ගත්තේ ප්‍රාණේ මා දමා
කලක් නොගෙන ආයේ දිනක එයි නම් මා සොයා
දණින් වැටෙන මාගේ හිතට නැහැ මේ වේදනා
එක පයින් මා දමා යන බවත් දැන තමා 
පෙම් කළේ ඔබට මා තව තවත් ළං වෙලා........

(දිනෙන් දිනම මාගෙන් වෙන් වෙනා ඒ ඔබගේ මා
විටින් විටම සෙව්වේ නොරැඳෙනා ඒ පෙම තමා......//)
වෙන කෙනෙක් ඔබ මගෙන් රැගෙන යනකල් එදා
බල බලා සිටියේ මා නිහඬ වී ඔබ දිහා
වැරදි නෑ මගේ අතේ තිබූ නිසා.......

අයිති නැති ඔයාගේ.......

(පැරණි ආදරේ දැන් සුදුසු නම් මේ මට වඩා
ඔබට ශාපයක් නෑ කරන්නේ මා දිවිතුරා.....//)
වෙන කෙනෙක් ඔබ මගෙන් රැගෙන යනකල් එදා
බල බලා සිටියේ මා නිහඬ වී ඔබ දිහා
වැරදි නෑ මගේ අතේ තිබූ නිසා.......

අයිති නැති ඔයාගේ.......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.