Font size:
හමුවේ නම් ඈ පෙර සේ එක දවසක් මේ භවේ පවසනවා මා ලංවී මා විඳි දුක ජීවිතේ වෙන්වී ගිය ඒ දවසේ රිදවා මා ආදරේ ඉකිබිඳුනා රෑ අඳුරේ පෙම් කල සිත පෑරුනේ මතුභවයක නුඹ නාවත් නුඹ එනතුරු මග බලා සැමදා නුඹේ ආදරේ පතලා තනිවෙමි සදා මගෙ උරහිස මත හිස රඳවා නුඹ මුමුණන හඬ රැව් නැගිලා මතකෙට එන විට හිත හැදුනා හිමි නැති බව දැන දුක හිතුනා සඳ හඬා වැටෙනවා සොඳුරු සිහිනේ බිඳුනා කියා හමුවේ නම්.... අපි ආ ගිය තැන් වල රැඳිලා ඔබෙ මුදු වත මතකෙට නැගිලා සිතුවට හිත හැදුනා කියලා තවමත් නෑනේ හිත හැදිලා සඳ හඬා වැටෙනවා සොඳුරු සිහිනේ බිඳුනා කියා හමුවේ නම්.... වෙන්වී ගිය.... මතුභවයක නුඹ....