Font size:
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ...// ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා ...// නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා..... සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ...// ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි... // දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි ...// සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ...// සමඡ්ඡේදනය කරලා දෙන්නට බැහැ පෙම බෙදලා ...// අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා ...// සමකෝණී ත්‍රිකෝණයකි .../