Font size:
මරතෝඩිය රටා ඇඳි අතේ කැකුළු හිතේ මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙන්නේ මොට්ටු තෝඩි ඉරුවංගළ් එළියට අත වනනා රාමලාන් සඳ බලන්න එන්න් පාතිමා වාල්ලු හඬ පූජාවේ තුන් යමටම ඇසෙනා තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා උන්නානිය ගෙලේ එතුනා නුඹ ගෙයි සිරකරලා පාට පාට සමනළියන් පැළලි වැටෙන් දකිනා හීන වඩන හිත් ගොමුවේ කදුළු මලක් පිපුණා
Singers
Data
Last updated May 2026