කෙටි පණිවිඩ
Keti Paniwida
Music: චතුරංග වර්ණසේකර Lyrics: චතුරංග වර්ණසේකර
Font size:
කෙටි පණිවිඩ අඩු වෙන තැන මට දැනුනා මං තනිවෙන බව මම තෑගි දුන් දුරකතනෙට අමතන්න බෑ දැන් waiting ඔබ (හරි පාරෙන්දෝ මම මේ යන්නේ සැකයක් හිතුනා ලඟදි ඉඳන් මරලා නේදෝ ඔබ මේ යන්නේ පණ වාගේ පෙම් කරපු සිතත්...//) මිතුරන් හැම තිස්සේ දොස් කිව්වා ඔයා ගැන හැමදා මම ගත්තේ ඔබගේ පැත්තයිනෙ පණ ඇයි මා විස්වාසේ උපරිමයෙන් කලේ ඔබ (අද මා විඳවන්නේ ඒ හොඳ හිත හින්දා පණ...//) හරි පාරෙන්දෝ.... හුරතල් මා කෙරුවා පමණට වැඩියෙන් නැද්ද තේරුම් ගත්තේ නෑ මට ලෝකය කියූ ඇත්ත පොරවා ඔබ හිටියත් මේ ලෝකෙට සිල් රෙද්ද (විතරයි මම දන්නේ ඔබ කළ ඒ පවු කන්ද...//) කෙටි පණිවිඩ අඩු වෙන තැන.... හරි පාරෙන්දෝ....//