Home/Songs/පෝරුවේ මගෙ දරුවනේ

පෝරුවේ මගෙ දරුවනේ

Poruwe Mage Daruwane

Music: දර්ශණ වික්‍රමතුංග Lyrics: බණ්ඩාර ඇහැලියගොඩ
Font size:
සක්විති සැපත් කුමටද තවත් 
දුන් ඒ සතුට ඇති දෙවියනේ 
කොයිතරම් මහරුද දරු සෙනේ 
සම මස පලා ලේ නහර විනිවිද 
ඇට මිදුළු තෙක් පැතිරුණේ 

පිය සෙනෙහසයි මගෙ දරුවනේ 
මව් සෙනෙහසයි මගෙ දරුවනේ 
පිය සෙනෙහසයි මගෙ දරුවනේ 
මව් සෙනෙහසයි මගෙ දරුවනේ 

එදා ළඟ හුරතල් උනේ 
මෙදා මට සමවී පෙනේ 
මේ තරම් ඉක්මනට කොහොමද 
අපේ තරමට ලොකු උනේ 
කියනවද කොලු පැටවුනේ මට 
කියනවද මගෙ දරුවනේ 
මං එදා තැවරුව මුවේ 
කිරි සුවඳ මට දැනෙනවා දුවේ 

දූ පුතුන් අද එක මණ්ඩපේ 
අතිනත ගනී ප්‍රේමෙන් බැඳී 
නව දූවරුන් සහ පුතණුවන් 
හෙට අපේ වී අප ළඟ හිඳී 

මේ මහරු අසිරිය බලා ගන්නට 
ඇස් දහක් තිබුණත් මදී 
(අප සොම්නසින් තැබු පින් බෙලෙන් 
දිවි ගමන යනු ඇත නොවැරදී...//) 

සක්විති සැපත් කුමටද තවත් 
දුන් ඒ සතුට ඇති දෙවියනේ 
කොයිතරම් මහරුද දරු සෙනේ 
සම මස පලා ලේ නහර විනිවිද 
ඇට මිදුළු තෙක් පැතිරුණේ 

පිය සෙනෙහසයි මගෙ දරුවනේ 
මව් සෙනෙහසයි මගෙ දරුවනේ 
පිය සෙනෙහසයි මගෙ දරුවනේ 
මව් සෙනෙහසයි මගෙ දරුවනේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.