මල් සුගන්දේ දම් සුගන්දේ
Mal Sugande Dam Sugande
Music: G L A සෝමපාල Lyrics: නිහාල් L ජයතිලක
Font size:
මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා // මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි // රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි // මල් සුගන්දේ .... රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි // දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ // මල් සුගන්දේ .... මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ // ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //
Singers
Data
Last updated May 2026