Font size:
නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවී සිත මගේ ඉල්ලාවි මගේ සුදු ආඩම්බරකාරී// නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දැකලා සිත රහසේ බැඳුනා ඔය වත කමලේ සඳ සේ රුව ආඩම්බර පානා ගතියට ආල හැඟුම් මැවුනා නෙතු ළඟ දඟ කරනා... කාටත් නොකියන කවුරුත් නොදන්න රහසක් මුමුණාවී උණුසුම ඉල්ලාවී මගේ සයනේ සැතපෙවී ආඩම්බර ගති නොතිබුණා වගේ ආදරේ ඉල්ලාවී නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී නෙතු ළඟ දඟ කරනා...