Home/Songs/මටත් තිබුණා ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්

Matath Thibuna Premayak

Music: දර්ශණ වික්‍රමතුංග Lyrics: රසික ඩී. දුමින්ද
Font size:
මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්

කුළුදුලේ හිත හීන හැඩ කළ
මතකයේ සිවු කොනම දඟ කළ
නිදි නැතිව රැය ගණන් එළි කළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුදුලේ පිපි ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්....

නෙත් සරින් නෙතු වලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතූ
මටත් තිබුණා ප්‍රේමයක්
අදත් නොමැරුනු ප්‍රේමයක්

මටත් තිබුණා ප්‍රේමයක්....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.