Home/Songs/ගතින් දෙතැනක

ගතින් දෙතැනක

Gathin Dethanaka

Font size:
ගතින් දෙතැනක සිටින මුදු අප
සිතින් එකතැනකයි
සුළං රැල්ලේ මුසුව එන්නේ
ඇගේ මුදු සුවඳයි

දෙනෙත පියවෙනවා රුවක් හමුවෙනවා
හදේ සිතුවිලි මට හොරා ඈ
සොයා පියඹනවා

වතක් හිනැහෙනවා හදක් සැනසෙනවා
මගේ තනියට නොතනියට ඈ
හදට ළං වෙනවා

හඬක් මුමුණනවා හදක් ගොළු වෙනවා
ඇගේ ගීතය නොමියෙනා ලෙස
හදට කොඳුරනවා
ගතින් දෙතැනක
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.