Font size:
සිත අඩවල් කර බලා හිඳිමි මම කවදා හෝ නුඹ එතැයි කියා නෙතු පිල්කඩ උඩ තියා පැලැන්දුව කඳුලැලි තවමත් මවයි රටා // සඳ දිය යහනට තරු ගෙවදින කොට වෙල් ඉහිරුනු පන් පැදුර පුරා නුඹ ගැන මතකයේ සෙවණැලි අවදිව රදවනු හිත පිරිමදියි හෙලා සිත අඩවල් කර .... මලවිගේ හීසර විද්දත් නුහුරට හිත දිව යන්නෑ නුඹෙන් එහා අසිනි වැස්සට හේතු නොපසු සඳ වගෙ ඉන්නම් නුඹ වඩින තුරා සිත අඩවල් කර ....//
Singers
Data
Last updated May 2026