Home/Songs/මොහොතක සුවදෙන චංචල ලෝකයේ

මොහොතක සුවදෙන චංචල ලෝකයේ

Mohothaka Suwa Dena

Font size:
මොහොතක සුවදෙන චංචල ලෝකයේ 
රූපිකාවන් සොයා මා ගියේ නෑ
සෙනෙහසේ සුව සොයා
ඔබ පතා ඉන්නෙමි මා ප් ‍රියේ//

සිත දුක් වෙවී විටකදී ඔබේ
සැලෙනු එපා මගේ රන් තරුවේ
ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයි
තැවෙනු එපා මගේ සුදු මැණිකේ 
සැනසිලා අපි ඉමු ළං වෙලා

ගලන රුහිරු මෙන් දැනෙනා හැඟුමන්
ඔබගෙයි මාගෙයි එක වාගෙයි
ලොවම ඉදිරියේ ඔබ මට රුසිරුයි
හඬනු එපා මගේ සුදු මැණිකේ සැනසිලා අපි ඉමු ළං වෙලා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.