Home/Songs/ගහ කොළ මල්

ගහ කොළ මල්

Gaha Kola Mal

Font size:
ගහකොළ මල් කඳු වැටි -  නිසොල්මනේ අසා සිටිනවා
අපේ පෙම් පිළසඳරේ 
රස වෑහෙන සියොත් ගීතිකා රහසින්
දෑස් වලින් කතා කරමු - දෑස් වලින් - රහසේ

රන් දුනුකේ මල් මුවරද දෙතොල් විතේ රැඳී දිළේ
රැයේ අඳුරේ මේ මීවිත මටයි
එවිට ඔබට කතා නෑ - රහසේ
දෑස් වලින් කතා කරමු - දෑස් වලින් - රහසේ

සීගිරියේ පෙම් සිරිසර නිසල ලෙසින් ගල් අරඹේ
ඔබේ සෙවණේ මා ගී හඬ බොඳයි
මුවට වදන් මතක නෑ - රහසේ
දෑස් වලින් කතා කරමු - දෑස් වලින් -  රහසේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.