මා ප්‍රිය සැමියා (මනමේ)
Ma Priya Samiya (Maname)
Font size:
මා ප්‍රිය සැමියා මරුමුව වැටුනා කිමද කලේ ඔබ මේ අපරාදේ යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා මේ ඔබ දෝසා මේ ඔබ දෝසා… ඔබ ප්‍රිය සැමියා මාව මරන්නට තැත් කල හින්දා තැත් කල හින්දා සිය පණ ගලවා ගන්නට මැරුවා නෑ මගෙ දෝසා නෑ මගෙ දෝසා… මට පෙම් කල ඒ මනමේ රජිඳා සටනට පොලඹා ගත්තේ ඔබනේ මා ගලවන්නට ගොස් මා හින්දා මරුමුව වැටුනා මරුමුව වැටුනා… සටනට මා පෙලඹූවේ ඔහුනේ දුටුවේ නැත්දෝ දුටුවේ නැත්දෝ කාගෙන් ඔබ ගලවන්නට වීදෝ නොදනිමි එබසා නොදනිමි එබසා… ඔබගෙන් මා ගලවන්නට නොවෙදෝ සටනට වැදුනේ සටනට වැදුනේ මනමේ රජිඳා මරුමුව වැටුනා ප්‍රේමය හින්දා ප්‍රේමය හින්දා… මාගෙන් කුමටා ඔබ රැකගන්නේ අනදර ඔබටා කි කල කෙලෙම්දෝ සටනට ගියෙ මා හට ගත් ඔබටා ප්‍රේමය හින්දා ප්‍රේමය හින්දා… අදහන්නට නම් හැකිදෝ කෙලෙසා ඔබ මේ කියනා රැවටිලි වදනා නැති වුනි මට දැන් අන් කිසි සරණා මෙතැනම මරණා වෙනු නම් නියතා… නොකියනු එලෙසා මා ප්‍රිය කුමරී මම වෙමි ඔබටා හැමදා සරණා හිමගිරි අරණේ ඔබ වේ රැජිනි වෙනු මැන මබිසෝ වෙනු මැන මබිසෝ… නැත අන් සරණා ඔබ හැර මෙමටා වනයේ විසුමා වෙන්නේ සැමදා වග වලසුන්ගෙන් උවදුරු වලකා රකිනුය ඔබ මා රකිනුය ඔබ මා… මා වැදි සෙනගා ඔබ රැක ගන්නා වග වලසුන්ගෙන් තොර වේ භවනා දිවි හිම් කොට පුදනෙම් ආදරිනා නැත කිසි බාධා විසුමට සැපෙනා…//
Data
Last updated May 2026