Home/Songs/ඈතින් එන සුළං රොදේ නුබේ සුවඳ තවරලා

ඈතින් එන සුළං රොදේ නුබේ සුවඳ තවරලා

Athin Ena Sulan Rode

Font size:
ඈතින් එන සුළං රොදේ නුබේ සුවඳ තවරලා
මට එවන්න මම තනියම ඔබ එනතුරු ඉන්නවා 
ඔබ ගියදා පටන්ම මගේ සිතුවිලි විල කැලඹිලා
ශිල්ප අරන් ඔබ එනතුරු ඉන්නෙමි මම මඟ බලා 

අපේ මතක ඉහිරුනු තැන් ගම පුරාම පැතිරිලා
ඒ තැන් වල නැවති නැවති පෙර මතකය සිහිකලා
සරසවියේ දොරටුව ළඟ මගේ දිවියම නැවතිලා 
එහිම ඇතුලේ කුමරියේ ඔබ ජීවිතයක් අරබලා...

යලි හිතන්නේ කොහොමද මම මගේ සිත ඔබ ගෙනියලා 
ගම් දොර ලග හැමදාමත් ඉන්නව ඔබ එනතුරා 
ශිල්ප ඉගෙන එනවිට යළි ලෝකය මිට මොලවලා
මට හිමි නැති ලෝකෙක ඔබ හිදීඳ රැජිනක් වෙලා...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.