Home/Songs/පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා

පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා

Pahasuwatath Wasiyatath

Font size:
පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා 
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියනවා
නැතිනං හදල කියනවා 

ගමරාළගෙ එළ හරකෙක්
හොරකම් කල හරක් හොරෙක් 
දුටු ගමයා කෑ ගැසුවා 
ඈ කවුද කවුද කවුද මිනිහෝ
මගෙ හරක අරං යන්නෙ 
ඔහෙගෙනං ඔහේ ගන්න 
හොඳ නෑ නොවැ දොස් කියන්න 
අනෙ මගෙ කට
හරකෙක් කොහෙද මා ළඟ
කඹයනෙ අල්ලං ඉන්නෙ

කිතුලක රා බොන්න හිතී
මිනිහෙක් කිතුලකට නැගී
අයිතිකරුට අසුවුවා
ඕයි කවුද ඩෝ ගස්
බඩගන්නෙ 
පාන්දර ජාමෙ 
තණකොළ ඩිංගක් කපන්න
හිතුණා ගහ උඩට යන්න
තණකොළ? ගහ මුදුනේ?
ඒක තමයි
තණකොළ නෑ ගහ මුදුනේ
අනෙ එකයි බිමට බහින්නෙ

මරනවා මම තඩි බළලා 
වෙරි වු මීයෙක් කියලා
බළලා හට මෙය ඇහිලා
ඈ මව මරන්න තෝ?
කාපු බීපු වෙලාවට 
පුන්චි විහිලළුවක් කෙරුවට
විහිළු? හොඳ විහිළු 
රළහමිලා වගේ අය 
ගණන්ගන්නෙ ඇයිද සුළු විහිළු

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.