Font size:
මලින් මලේ රේණු උරා රඟන බමර සතර දිගන්තේ රන් රසු දැල් රාව දිදී මවයි සීන සතුට දසන්තේ ජීවිතයේ සැපත උදා කරන විලාසේ මී බඳුනේ මූණ පෙනී සතුට සිනා සේ..// ගී ගයලා මත් වීලා // ඔකඳ වෙලා නැලවීලා සිනහ මුවින් නැගෙන උදම්… මලින් මලේ රේණු උරා රඟන බමර සතර දිගන්තේ රන් රසු දැල් රාව දිදී මවයි සීන සතුට දසන්තේ පර සතුරන් මෙරටට ආ ඉස්සර කාලේ අපිම තමා රණ මඬලේ පෙරමුණ ගත්තේ..// රට වෙනුවෙන් යුද කරලා ඒ සතුරන් දුරු කරලා මෙහෙම තමයි අපි බිව්වේ ජයපානේ මලින් මලේ රේණු උරා// රඟන බමර සතර දිගන්තේ රන් රසු දැල් රාව දිදී මවයි සීන සතුට දසන්තේ මලින් මලේ රේණු උරා රඟන බමර සතර දිගන්තේ රන් රසු දැල් රාව දිදී මවයි සීන සතුට දසන්තේ