Font size:
නෙළුම් මල් කළු උනා අවුවට සංසාර දුක විදින වැවුවට පැන් අරන් ගියෑ පෙර දනවුවට බුදුන් වැඩියොත් සිතුල් පවුවට... බැරි උනා බෙහෙතක් හොයන්නට හා පැටවු හාමත් නොවෙන්නට මෙහෙම අඩු අය සින්නැ වෙනනට එපා ආයෙත් මල් පෙපෙන්නට දුරින් මන්දාරම් ගෙනෙන්නට ගිය කුරුල්ලන් නැහැ දකින්නට බෑ තවත් මේ දුක දරන්නට වරෙල්ලා ගුලි වී හඩන්නට නෙළුම් මල් කලු උනා අවුවට සන්සාර දුක විදින වැවුවට පැන් අරන් ගියැ පෙර දනවුවට බුදුන් වැඩියොත් සිතුල් පවුවට
Singers
Data
Last updated May 2026